කලාපීය ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීමට නව්‍ය නිෂ්පාදන සහ සේවා කෙරෙහි අවධානය යොමු කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා දකුණු ආසියානු ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටී.
පසුගිය දා කොළඹ පැවති දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනයට එක් වෙමින් අගමැතිවරයා මේ බව පැවැසීය.
දකුණු ආසියානු රටවල් වන ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ එහි නිරීක්ෂක සාමාජිකයෙකු වන චීනය ද ඇතුළු අනෙකුත් දකුණු ආසියානු රටවල් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වාගෙන යාම තුළින් වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවෙන බව ද හෙතෙම සඳහන් කළේය.
ලොව විශාලතම තේ නිෂ්පාදකයා සහ අපනයනකරු දකුණු ආසියාව වන හෙයින් තේ කර්මාන්තයේ උපරිම ප්රතිලාභ ලබා ගැනීමට කලාපීය රටවල් සහයෝගයෙන් කටයුතු කළ යුතුව ඇති බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.