පිලිපීන යාත්‍රා චීනයට අයත් Sabina Shoal ගල්පර ආශ්‍රිත ව මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි අවධානය
2024-08-05 11:19:07
Share with:

පිලිපීන යාත්‍රා චීනයට අයත් Sabina Shoal ගල්පර ආශ්‍රිත ව මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් චීනය අධීක්ෂණ කටයුතු සිදු කරයි.

චීන වෙරළාරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක Gan Yu මහතා පසුගිය 3 වැනි දා මේ බව පැවසීය. පිලිපීනයේ වෙරළාරක්ෂක බලකායට අයත් යාත්‍රාවක් Sabina Shoal ගල්පර ප්‍රදේශයේ නීත්‍යනුකූල නොවන අයුරින් නැංගුරම් ලා සිටී. පසුගිය 3 වැනි දා සිට පිලිපීනයේ ධීවර හා ජලජ සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මුර සංචාර යාත්‍රා හා එරට ධීවර යාත්‍රා රැසක් එම යාත්‍රාව අසල ක්‍රියා කර තිබේ. චීන වෙරළාරක්ෂක බලාකාය ඔවුන්ගේ ක්‍රියාවන් නිසි අයුරින් අධීක්ෂණය කරමින් පාලනය කර ඇති බව Gan Yu මහතා කියා සිටියේය.

Sabina Shoal ගල්පරය ඇතුළු Nansha දූපත් සමූහය හා ආශ්‍රිත ප්‍රදේශයේ අවිවාදිත ස්වෛරීභාවය හිමි වනුයේ චීනයටයි. පිලිපීන යාත්‍රා Sabina Shoal ගල්පර ප්‍රදේශයේ නැංගුරම් ලා සිටීම චීනයේ භෞමික අඛණ්ඩතාව හා සමුද්‍රීය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. සිය භෞමික අඛණ්ඩතාව හා සමුද්‍රීය අයිතීන් චීන වෙරළාරක්ෂක බලකාය තරයේ ම සුරැකීමට සූදානම් බව ද චීන වෙරළාරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241102සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම