යුක්රේනය සමඟ පවතින රාජ්යතාන්ත්රික සබඳතා වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවන බව මාලි ජනරජය කියාසිටී. එරට සංක්රාන්ති රජය ඊයේ (4) නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්රකාශ කළේ ය.
යුක්රේනයේ හමුදා බුද්ධි ඒජන්සියේ ප්රකාශක පසුගියදා ආන්දෝලනාත්මක සහගත ප්රකාශයක් පළ කරමින් කියාසිටියේ, සන්නද්ධ ත්රස්තවාදී කණ්ඩායම් විසින් මාලි හි ඊසානදිග ප්රදේශයට එල්ල කෙරුණු ප්රහාරවලට යුක්රේනය සම්බන්ධ බවයි. මෙම ප්රහාරවලින් ජීවිත හානි සහ දේපළ හානි විශාල වශයෙන් සිදු වූ බව රජයේ නිවේදනය පෙන්වාදෙයි.
යුක්රේන බලධාරීන්ගේ මෙම ක්රියා, තම රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කර ඇති අතර, එය අනිසි විදේශීය මැදිහත්වීමක් බව ද එහි දැක්වේ. එය මාලි ජනරජයට එරෙහි පැහැදිලි ආක්රමණකාරී තත්ත්වයක් වන බැවින් යුක්රේනය සමඟ රාජ්යතාන්ත්රික සබඳතා වහාම නවතා දැමීමට මාලි සංක්රාන්ති රජය තීරණය කරන බව නිවේදනයෙන් අවධාරණය කෙරේ.