ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම කල් නොදැමෙන බව මැතිවරණ කොමිසම පවසයි
2024-08-05 16:00:24
Share with:
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ චක්‍රලේඛය මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව තැපැල් ඡන්ද භාර ගැනීම අදින් (5) අවසන් වන අතර, කිසිදු හේතුවක් මත එය කල් නොදැමෙන බව ද මැතිවරණ කොමිසම පවසයි.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත් දන්වා සිටියි.
මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට අදාළ වැඩපිළිවෙල හඳුන්වා දීමට මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ.