පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වාර්තා අලුත් කරමින් චීනයට පිහිනුම් අංශයේ තවත් රන් පදක්කමක්
2024-08-05 10:52:27
Share with:
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 4x100 පිරිමි මිශ‍්‍ර ආර සහය පිහිනුම් තරගයේ අවසන් මහා තරගය ඊයේ(04) පැවැත්විණ. එහිදී අවසන් තරගය ජය ගනිමින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දෙවැනි පිහිනුම් රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් විය.
Xu Jiayu, Qin Haiyang, Sun Jiajun සහ Pan Zhanle යන පිහිනුම් ක්‍රීඩකයින් මිනිත්තු තුනයි තත්පර 27.46 කින් තරගය අවසන් කළ අතර, රිදී පදක්කම දිනා ගත් ඇමරිකා කණ්ඩායටම වඩා තත්පර භාගයකින් ඔවුහු තරගය අවසන් කළහ. එමෙන්ම එහි ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ ප්‍රංශයයි.
මේ සමගම 1984 වසරේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩා උළෙලේ සිට රන් පදක්කම් 10 ක් හිමි කර ගනිමින් ඇමරිකාව තැබූ අඛණ්ඩ තරග වාර්තාව බිඳ දැමීමට චීනය සමත් වීම විශේෂත්වයකි.