හමාස් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ ඇමරිකාව වගකිව යුතු බව ඉරාන කථානායකවරයා කියයි
2024-08-05 11:48:36
Share with:

හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාංශ නායක Ismail Haniyeh මහතා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක Mohammad-Bagher Ghalibaf මහතා දැඩි ප්‍රතිචාර දක්වයි.

ඔහු ඊයේ (4) අවධාරණය කළේ එම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ ඇමරිකාව වගකිව යුතු බවයි.

හමාස් සංවිධාන නායකයා පසුගිය 31 වැනිදා ඉරානයේ Tehran අගනුවරදී ඝාතනයට ලක්වූයේ එරට ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට පැමිණ සිටි අවස්ථාවේ යි. මෙම සිද්ධියෙන් අනතුරුව අදාළ කලාපයේ දැඩි ආතතිමය තත්ත්වයක් හටගෙන තිබේ.

ඉරානයට ප්‍රතිචාර දැක්වීමට තම රට සූදානමින් සිටින බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ කියා සිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම