මැදපෙරදිග ගැටළු විසඳීම සඳහා වන චීන රජයේ විශේෂ නියෝජිත Zhai Jun මහතා අද (5) මැදපෙරදිග කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත විශේෂ නියෝජිත Wolfgang Amadeus Brulhart මහතා සමඟ දුරකථන සංවාදයක නිරත විය.
සංහිඳියා සංවාදයක් පවත්වා පලස්තීනයේ බෙදීම් අවසන් කොට රටේ එකමුතු බව ශක්තිමත් කිරීමේ “බෙයිජිං ප්‍රකාශනය” පලස්තීනයේ පාර්ශ්ව 14 ක් සමඟ ඒකාබද්ධව අත්සන් කිරීමට චීනය ගත් සාර්ථක උත්සාහය පිළිබඳව Brulhart මහතා ඊට සුබ පතමින් ප්‍රසංසා කළේය. පලස්තීන අභ්‍යන්තර ප්‍රතිසන්ධාන ප්‍රශ්නයේදී ස්විට්සර්ලන්තය චීනය සමඟ එකම ස්ථාවරය බෙදා ගන්නා බව ඔහු අවධාරණය කළේය. පලස්තීනයේ විවිධ පාර්ශ්ව ඒකාබද්ධ ස්ථාවරයක් ගොඩනඟා ගැනීම සහ ඒකමතික බව “ද්වි-රාජ්‍ය විසඳුම”සාක්ෂාත් කර ගැනීමට සහ පලස්තීන ප්‍රශ්නය විසඳීමේ පූර්ව අවශ්‍යතාවක් යැයි විශ්වාස කරන බවත් මේ පිළිබඳව චීනය සමඟ සන්නිවේදනය පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
අභ්‍යන්තර ප්‍රතිසන්ධානයේ පදනම මත පලස්තීනයේ විවිධ පාර්ශ්ව ජාතික සමගිය ඉටු කර ස්වාධීන රටක් කඩිනමින් ස්ථාපිත කරනු ඇතැයි චීනය අවංකවම බලාපොරොත්තු වන බව Zhai Jun මහතා පැවසීය. “ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීමට ස්විට්සර්ලන්තයේ ක්‍රියාකාරී උත්සාහයන් චීනය අගය කරන බවත් කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දීමට ස්විට්සර්ලන්තය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු පැවසීය.