ශ්‍රී ලංකාව 30% ක වන ගහනයක් හිමි රටවල් අතරට
2024-08-04 17:40:45
Share with:

ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් තුන අතර ශ්‍රී ලංකාව පසුවෙයි. එම වර්ගීකරණයට ඇතුළත් සෙසු රටවල් දෙක වන්නේ දකුණු කොරියාව සහ ජපානය බව ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසති. මේ කරුණු අනාවරණය වූයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ ය. මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් බව ද එහිදී  සඳහන් කෙරිණ.  

ලෝක උරුම  සිංහරාජ  වනාන්තරය නැරඹීම සඳහා  වැඩිම දෙස් විදෙස් සංචාරක පිරිස පැමිණ ඇත්තේ මෙම වසරේ  බව ද  නිලධාරීහු කියාසිටියහ.  එම සංඛ්‍යාව 35000 කට අධික ය. වනාන්තරයට හානි සිදු නොවන අයුරින් පහසුකම් තවදුරටත් ඉහළ නංවා සංචාරක ආකර්ෂණය තීව්‍ර කිරීමට පියවර ගන්නා ලෙස ද කාරක  සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

 

 

 

 

 

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම