IMF තුන්වැනි සමාලෝචනය ජනපතිවරණයෙන් පසු
2024-08-04 18:51:49
Share with:
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි සමාලෝචනය සිදුකෙරෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව බව එම අරමුදල පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෘවර් මහතාගේ නායකත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සිය ශ්‍රී ලංකා සංචාරය ඊයේ (03) නිමාවට පත්කළේය. එහිදී බෘවර් මහතා පැවසුවේ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අඛණ්ඩව සිදුවන බවයි. උද්ධමනය පාලනය වෙමින් පවතින බවත්, මෙරට විදෙස් සංචිත ඉහළ ගොස් ඇති බවත් හෙතෙම පැවසීය. රාජ්‍ය ආදායම ද වැඩි වී තිබේ. එසේම, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදාකර ගැනීම අත්‍යවශ්‍ය බව ද බෘවර් මහතා ප්‍රකාශ කළේය.