හමාස් සංවිධානය නව ප්‍රධානියා තෝරා ගැනීමේ උපදේශන අරඹයි
2024-08-04 16:28:50
Share with:

නව ප්‍රධානියෙකු තෝරා ගැනීම සඳහා ඉහළ නායකත්වයේ සහ උපදේශන ආයතනවල පුළුල් උපදේශන ආරම්භ කර ඇති බව හමාස් සංවිධානය කියාසිටී.

පසුගිය දශක කිහිපය තුළ හමාස් නායකයන් ගණනාවක් ඝාතනයට ලක් වූ නමුත්, රෙගුලාසිවලට අනුකූලව ඔවුන් සඳහා විකල්ප තෝරා ගැනීමට කණ්ඩායම ඉක්මණින් ක්‍රියා කළ බවත්  එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ. සංවිධානයේ විධායක ආයතන සහ ප්‍රධාන උපදේශන ආයතනයේ කටයුතු අවසන් වූ පසු එහි ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

හමාස් දේශපාලන මණ්ඩලයේ හිටපු ප්‍රධානි Ismail Haniyeh පසුගිය 31 වැනිදා ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී ඝාතනයට ලක්වූයේ එරට නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම