‘නවයුගයේ චීන ප්‍රතිසංස්කරණ ලොවට ගෙන එන අවස්ථා’යන තේමාවෙන් යුතු ගෝලීය සංවාදයේ තවත් අදියර කිහිපයක් සාර්ථකව නිමවෙයි. මේ යටතේ තායිලන්තයේ හා පාකිස්ථානයේ වැඩසටහන් පසුගිය 2 වැනිදා පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය, තායිලන්ත-චීන මාධ්‍යවේදීන්ගේ සංගමය හා පාකිස්ථානයේ සැලසුම්, සංවර්ධන සහ විශේෂ රාජකාරි අමාත්‍යාංශය විසින් එම ඉසව් වෙන් වෙන්ව සංවිධාන කරනු ලැබීය.
තායිලන්ත උපඅග්‍රාමාත්‍ය මෙන්ම එරට වාණිජ අමාත්‍ය Phumtham Wechayachai මහතා ඊට මාර්ගගතව එක්වෙමින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සුබපැතුම් පිරිනැමීය. නවයුගයේ දී චීනය තවදුරටත් අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණය තහවුරු කිරීම හා චීන මාදිලියේ නවීකරණයේ ප්‍රවර්ධනය ඉන් ආරම්භ වන අතර, එහිදී තායිලන්ත ආර්ථික හා සමාජ සංවර්ධනයට ඉහළ අවස්ථා හිමිවන බව ද Phumtham Wechayachai මහතා පැවසීය.
පාකිස්ථානයේ සංවාද වැඩසටහනට එක්වෙමින් එරට සැලසුම්, සංවර්ධන සහ විශේෂ කාර්ය පිළිබඳ ඇමති Ahsan Iqbal මහතා පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියෙන් චීනයේ අනාගත සංවර්ධනයට නව සැලැස්මක් සකස් කර ඇති බවයි. චීන පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ දෙවැනි අදියරත් සමග නවයුගයේ දෙරටට වඩාත් උසස් මට්ටමේ ජයග්‍රහණ ලබා ගත හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ප්‍රතිසංස්කරණය හා විවෘත භාවය අනුගමනය කරන චීනය ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට සූදානමින් සිටින බව පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලයේ වැඩබලන නියෝජිත Shi Yuanqiang මහතා එහිදී කියා සිටියේය.