උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුම් ලබාදෙන බව ජනපති කියයි
2024-08-04 17:22:35
Share with:

රටේ සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ජයගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එසේම, උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ද ඔහු කියාසිටී. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තලෛයඩි මුහුදු ජල නිර්ලවණකරණ පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට 2 වැනිදා සහභාගි වෙමිනි.  

මෙම පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නැංවේ.  උස් ජල ටැංකි 20 ක්, ජලය රැගෙන ඒමේ නල මාර්ග කිලෝමීටර 186 ක් සහ බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382 ක් මෙහිදී සම්පූර්ණ කර ඇත.

 

 

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම