පැරිස් ඔලිම්පික් උළෙලේ 8K අධිපැහැදිලි රූපවාහිනී දසුන් ප්‍රේක්ෂකයන් වෙත රැගෙන ඒමට චීන මාධ්‍ය සමූහය සමත් වෙයි
2024-08-04 18:53:37
Share with:

පැරිස් ඔලිම්පික් උළෙලේ 8K අධිපැහැදිලි රූපවාහිනී දසුන් ප්‍රථම වරට විසුරුවා හැරේ. චීන මාධ්‍ය සමූහයට අයත් 8K අධිපැහැදිලි බාහිර විකාශ රථය මගින් ඉකුත් 2 වැනි දා රාත්‍රියේ එම වැඩසටහන් විකාශය කෙරිණ.  ඒ, ප්‍රංශ ක්‍රීඩාංගණයේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන කලාපයේ සිට යි.

 ගිම්හාන ඔලිම්පික් උළෙල ඉතිහාසයේ මාධ්‍ය ආයතනයක් විසින් 8K දසුන් සහිතව ක්‍රීඩා ඉසව් විකාශය කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

චීන මාධ්‍ය සමූහයට අයත් 8K අධි-පැහැදිලි බාහිර විකාශ ට්‍රක් රථය චීනය විසින්ම නිපදවන ලද්දකි.‍ ලොව පුළුල්තම බහු-ක්‍රියාකාරී බාහිර  විකාශ පද්ධතියෙන් සමන්විත එය, පැය 40 කට වැඩි කාලයක් පැරිස් ඔලිම්පික් උළෙලේ 8K අධිපැහැදිලි දසුන් විකාශය කරනු ඇත.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම