සමස්ත රට ම ආර්ථික වර්ධනයට දායක කර ගන්නා බව ජනපති කියයි
2024-08-03 16:20:55
Share with:

උතුරු පළාත ඇතුළු සමස්ත රට ම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. යාපනය ඇතුළු උතුරේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින නමුත්, ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව ද හෙතෙම පෙන්වාදෙයි. 

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමග ඊයේ (02) යාපනයේ පැවති හමුවට එක්වෙමිනි. නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට රැගෙන යාමට දායක වීම රටේ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බව ද ඔහු පෙන්වාදුන්නේය.ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාව ඇතිකිරීමේ වැදගත්කම ද වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය. සියලු පළාත් එක ලෙස සංවර්ධනය කළ යුතු බවත්,  දිළිඳුකම පිටුදැකීම, කෘෂිකාර්මික නවීකරණය සහ ප්‍රාදේශීය සංවර්ධනය වැනි අංශ සඳහා පළාත් සභාවලට වැඩි බලයක් ලබාදිය යුතු බවත් හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම