“ලොව හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) පිදුම් ලබයි. ඒ ඊයේ (2) පැවති ගෝලීය සංචාරක සම්මාන උළෙලේ දී ය. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති මෙම සම්මාන උළෙලේ දී සංචාරක,ඉඩම්,ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අදාළ සම්මානය ලබාගත්තේය. සංචාරක කර්මාන්තයේ ධනාත්මක වෙනසක් ඇතිකිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබා දුන් ආයතන ඇගැයීම මෙම සම්මාන උළෙලේ අරමුණයි. එහි විශිෂ්ටතම සම්මානය ශ්‍රී ලංකාවට හිමිවීම ජයග්‍රහණයකි.
මෑත වකවානුව තුළ වාර්තාගත සංචාරක පිරිසක් මෙරටට පැමිණි අතර, ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් බවට ද ශ්‍රී ලංකාව පත්විය. CEOWORLD සඟරාවේ කීර්තිමත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ජීවිත කාලය තුළ සංචාරය කිරීමට හොඳම 5 වැනි රට වන්නේ ද ශ්‍රී ලංකාවයි. ලෝක ප්‍රකට Forbes සඟරාව ද 2023 ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබේ.