චීනය සමග සබඳතා තර කරමින් රටේ සංවර්ධනය සහතික කිරීම තම අරමුණ බව නැගෙනහිර ටිමෝර ජනපති කියාසිටී
2024-08-03 20:14:35
Share with:

නැගෙනහිර ටිමෝර ජනාධිපති José Manuel Ramos-Horta මහතා පසුගියදා චීනයේ නිල සංචාරයකට එක් විය. ඒ අතරතුර ඔහු චීන මාධ්‍ය සමූහයේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් දෙරට අතර සබඳතාව සහ චීන මාදිලියේ නවීකරණය පිළිබඳව අදහස් දැක්වීය.

ගෝලීය වශයෙන් බලවත් රටක් වන චීනය ආසියාවේ විශාලතම ආර්ථික ඒකකය මෙන්ම ලොව දෙවැනි විශාලතම ආර්ථික ඒකකය බවට පත්ව ඇතැයි José Manuel Ramos-Horta මහතා එහිදී පැවසීය. ආර්ථික සංවර්ධනය හා ජාතික ආරක්ෂක බලය ශක්තිමත් කිරීම යනාදී බොහෝ ක්ෂේත්‍රවලින් චීනය දිගුකාලීන ප්‍රගතීන් ලබා ඇත. එමෙන්ම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් අතරින් ජාත්‍යන්තර ගැටුම්වලට එක් නොවන එකම රට චීනය වීම ද විශේෂත්වයකි. එබැවින්, එවැනි ප්‍රබල රටක් සමග සමීප සම්බන්ධතා පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් හෙතෙම සිය සතුට පළ කළේය.

අන්‍යෝන්‍ය අවබෝධය හා එකඟතා මත ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් තහවුරු කිරීම නැගෙනහිර ටිමෝරයේ අපේක්ෂාවයි. එමෙන්ම චීනයේ වෘත්තීය දැනුම, හැකියාවන් හා අත්දැකීම් බෙදාගැනීමට බලාපොරොත්තු වන බව ද José Manuel Ramos-Horta ජනාධිපතිවරයා පැවසීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එකඟතාව පළ කර ඇති බවත්, චීනය තම රටට පුළුල් සහායක් ලබාදෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, ගෝලීය ආර්ථික වර්ධනයට ඉතා වැදගත් වන බව ද José Manuel Ramos-Horta මහතා පෙන්වා දෙයි. ඉන් ආසියාව හා යුරෝපය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා සහ සන්නිවේදනය වඩා කාර්යක්ෂම මෙන්ම සමෘද්ධිමත් වනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

බහුපාර්ශ්වික සහයෝගිතා ඔස්සේ වඩාත් පුළුල් සංවර්ධන අවස්ථා ලබා ගැනීම ද නැගෙනහිර ටිමෝරයේ ප්‍රධාන අපේක්ෂාවකි. ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් මාලාවට නැගෙනහිර ටිමෝරය පූර්ණ සහයෝගය ලබාදෙයි. රටේ මූලික ප්‍රතිලාභයන්ට ගැලපීම හා සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගේ පොදු අපේක්ෂා ඊට හේතු වන බව ද José Manuel Ramos-Horta ජනාධිපතිවරයා  එම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

 

 

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම