මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් ක්‍රියාවට නැංවූ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෘවර් මහතාගේ නායකත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායමක් ජූලි 25 - අගෝස්තු 2 දක්වා මෙරට නිරත වූ සංචාරය අවසානයේ නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සොයා බැලීම මෙම නියෝජිත කණ්ඩායම වෙත පැවරී තිබූ කාර්යභාරයයි. මෝටර් රථ ආනයන මත පනවා ඇති සීමා ලිහිල් කිරීම, 2025 වසරේ රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා සහාය වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහිදී පෙන්වා දී තිබේ. එසේම, ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම අවදානමට ලක්විය හැකි බවට ඔවුන් අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇත.