වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නව මහලේකම් Tô Lâm මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබපැතුම් පිරිනමයි. එම පණිවිඩය අද (3) යොමු කර ඇත.
මෑත වසරවලදී, වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය 13 වැනි ජාතික සම්මේලනයේ යෝජනාවන් හි අන්තර්ගත දැක්ම ක්‍රියාත්මක කරමින්, පක්ෂයේ ස්වයං ගොඩනැගීම ප්‍රවර්ධනය කරන අතර, සමාජවාදී යාන්ත්‍රණය, ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය අතින් නව ජයග්‍රහණ ලබා ඇති බව ෂී ජින් පිං මහතා පැවසීය.
චීනය සහ වියට්නාමය කඳු සහ ගංගාවලින් සම්බන්ධ වී ඇති, සමාජවාදී, මිතුරු අසල්වැසි රටවල් දෙකකි. පසුගිය දෙසැම්බර් මාසයේ තමා වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ, උපායමාර්ගික වශයෙන් වැදගත් පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය පළකෙරිණ. දෙරට මෙන්ම ද්වි පක්ෂ අතර ද සබඳතාවයේ නව ගමනක් සහ පරිච්ඡේදයක් මෙමගින් විවර වී ඇතැයි ද චීන ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් කියාසිටී.
Tô Lâm මහතා සමඟ එක්ව, සාම්ප්‍රදායික මිත්‍රත්වය ඒකාබද්ධව ඉදිරියට රැගෙන යාම, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම මෙන්ම, උපායමාර්ගික සන්නිවේදනය පුළුල් කර ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම තම අපේක්ෂාව බව ද, ෂී ජින් පිං මහතා පැවසීය. එසේම පොදු ප්‍රයත්න ඔස්සේ දෙරට ජනතාවට වැඩි ප්‍රතිලාභ අත් කර දෙමින්, සාමය හා සංවර්ධනය උදෙසා ධනාත්මක දායකත්වයක් ලබා දීමට හැකිවනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේ ය.