චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කෙරුණු‘නව යුගයේ චීන ප්‍රතිසංස්කරණ මගින් ලොවට ගෙන එන අවස්ථා’නමැති ගෝලීය සංවාදය යටතේ තරුණ ප්‍රජාව උදෙසා පැවති වැඩසටහන් මාලාව සාර්ථකත්වය අත් කර ගනී. එය මාර්ගගතව පැවැත්විණ. ජර්මනිය, ඔස්ට්‍රියාව, ග්‍රීසිය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල තරුණ විද්වතුන්, විවිධ මතධාරීන්, අන්තර්ජාල ක්‍රියාකාරිකයන් සහ චීන නිලධාරීන් පිරිසක් එම අවස්ථාවන්ට සහභාගි වී ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය පෙන්වා දුන් ආකාරයට අධ්‍යාපනය, නිර්මාණශීලිත්වය, දක්ෂතා සහිත පුද්ගලයන් අදාළ ක්ෂේත්‍රවල කර ඇති විශේෂ සැකසුම් පිළිබඳව ඔවුහු එහිදී සාකච්ඡා කළහ. චීන මාදිලියේ නවීකරණයෙන් ලොව තරුණයන්‍ට හිමි වන අවස්ථා කෙරෙහි ද අවධානය යොමුකෙරිණ.
‘නව යුගයේ චීන ප්‍රතිසංස්කරණ ලොවට රැගෙන එන අවස්ථා’ ගෝලීය සංවාදයේ තරුණ වැඩසටහන් මාලාව පිළිබඳව ජර්මනිය හා ග්‍රීසිය ඇතුළු රටවල ප්‍රධාන මාධ්‍ය මගින් වාර්තා කර ඇති අතර, ඊට ඉහළ අවධානයක් යොමුව තිබේ.