කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ මහා පරිමාණ ව්‍යාපෘති 171 ක කටයුතු මේ වන විට යළි ආරම්භ කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අද (1) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.මේ අතරින් ව්‍යපෘති 58 ක් 2024, 2025 යන වසර දෙක තුළ අවසන් කිරීමට සැලසුම් කර තිබේ. පානීය ජලය, සෞඛ්‍ය හා මාර්ග වැනි ක්ෂේත්රවලට අදාළ ව්‍යාපෘති මීට ඇතුළත් ය.
නව විදේශ ප්‍රදාන ව්‍යාපෘති 2ක්, විදේශ ණය ව්‍යාපෘති 3 ක් සහ දේශීය අරමුදල්වලින් ක්‍රියාත්මක ව්‍යාපෘති 3 ක් ද ඇතුළුව ලබන වසරේ නිම කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති සංඛ්‍යාව 113 කි. මින් අනතුරුව යෝජිත නව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙන බව ද ඇමතිවරයා දැනුම් දී ඇත.