චීන-ඇමරිකා මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගිතා ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරී හමුව ඇමරිකාවේ දී
2024-08-02 11:07:58
Share with:

චීන-ඇමරිකා මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගිතා ක්‍රියාකාරී කණ්ඩායම පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරී හමුව පවත්වයි. එය පසුගිය ජූලි මස 31 වැනිදා ඇමරිකාවේ දී පැවැත්විණ.

අදාළ ද්‍රව්‍ය පාලනය, අපරාධ තත්ත්වයන්හි පරීක්ෂණ සහයෝගීතා, තාක්ෂණික හුවමාරු, බහුපාර්ශ්වික සහයෝගීතා සහ අන්තර්ජාලයේ ඇති  නීති විරෝධී වෙළඳ ප්‍රචාරණ තොරතුරු ඉවත් කිරීම ඇතුළු ක්ෂේත්‍රවල නවතම ප්‍රගතිය පිළිබඳව දෙපාර්ශ්වය එම හමුවේදී දැනුම් දී තිබේ. එමෙන්ම එහිදී ඉදිරි සහයෝගීතාවයේ දිශානතිය ද පැහැදිලි කර ඇත.

"අන්‍යෝන්‍ය ගෞරවය, මතභේද පාලනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව" යන පදනම මත, මත්ද්‍රව්‍ය විරෝධී ක්ෂේත්‍රයේ සංවාදය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එහිදී එකඟතාවකට පැමිණ ඇත. චීන-ඇමරිකා මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගීතාවය ශක්තිමත්  කරන අතර, ගෝලීය මත්ද්‍රව්‍ය ගැටලුව විසඳීමට එක්ව කටයුතු කිරීමට දෙපාර්ශ්වය එහිදී කැමැත්ත පළ කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම