‘නව යුගයේ චීන ප්‍රතිසංස්කරණයන් මගින් ලොවට ගෙන එන අවස්ථා’ගෝලීය සංවාද ආසියාවේ පැවැත්වෙයි
2024-08-02 15:07:05
Share with:

‘නව යුගයේ චීන ප්‍රතිසංස්කරණයන් මගින් ලොවට ගෙන එන අවස්ථා’ නැමති ගෝලීය සංවාද ජපානය, ඉන්දියාව, මැලේසියාව, මියන්මාරය, ඇෆ්ගනිස්ථානය, මොන්ගෝලියාව ඇතුළු ආසියානු රටවල පැවැත්වේ.

එම ර‍ටවල දේශපාලනඥයින්, බුද්ධි මණ්ඩල විශේෂඥයින්, ව්‍යවසායකයින්, මාධ්‍යවේදීන්, තරුණ නියෝජිතයින් එක්වී, ප්‍රතිසංස්කරණ පුළුල් කිරීම, උසස් මට්‍ටමේ විවෘතභාවය වැඩිදියුණු කිරීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසියේ සැකැස්ම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගෙන ඇත. චීන උසස් ගුණාත්මක සංවර්ධනයෙන් ආසියාවට ගෙන දෙන අවස්ථා හා ප්‍රබෝධමත් ආකල්ප පිළිබඳව එහි දී  සාකච්ඡා කෙරිණ.

චීන මාදිලියේ නවීකරණය ‍‍භෞතික ශිෂ්ටාචාරය හා ආධ්‍යාත්මික ශිෂ්ටාචාරය සම්බන්ධීකරණයෙන් සිදු කෙරෙන නවීකරණයක් බව මියන්මාර උපායමාර්ගික හා ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ ඒකාබද්ධ ලේකම් U Khin Maung Zaw මහතා එහිදී පවසා ඇත. මානව ක්‍රියාකාරකම් හා සොබාදහම අතර යහපැවැත්මක් ගොඩනගන චීනය, ගෝලීය නවීකරණ ක්‍රියාදාමයට නව අදහසක් තිළිණ කළ බව ද ඔහු කීය.

චීන ග්‍රාමීය ප්‍රදේශයේ පරිපූර්ණ ක්‍රමවේද, මනා ව සුරක්ෂිත වූ ගැමි දර්ශනය, නවීන කෘෂි උපකරණ හා තාක්ෂණ තමා සියැසින් දැක ඇතැයි ඇෆ්ගන් තාවකාලික රජයේ ග්‍රාමීය පුනර්ජීවන හා සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අංශ ප්‍රධානියා කියා සිටියේය. චීනයේ නවීන සංවර්ධන අත්දැකීම් තම ර‍ටට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසියෙන් අනුමත වූ තීරණ, සරුසාර කර්මාන්ත ප්‍රතිපත්තිවලට අදාල වන බවත් ඒවාහි, ජපානයට බොහෝ සෙයින් අධ්‍යයනය කිරීමේ වටිනාකම් ඇති බවත් ටෝකියෝ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය Tomoo Marukawa මහතා අදහස් පළ කර ඇත.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම