ඉරානයේ තර්ජන හමුවේ ඊශ්‍රායලයට සහාය ලබා දෙයි -- ඇමරිකානු ජනපති
2024-08-02 14:08:57
Share with:
ඇමරිකානු ජනාධිපති Joe Biden සහ ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu අතර දුරකථන සංවාදයක් පැවැත්වේ. ඊයේ(1) පැවති එම සංවාදයේදී, Joe Biden ඊශ්‍රායලය වෙත තම ආරක්ෂක පොරොන්දු නැවත අවධාරණය කළ බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
හමාස් නායක Ismail Haniya ගේ ඝාතනය හේතුවෙන් ඊශ්‍රායලය කලාපීය යුද්ධයකට ගොදුරු වීම වැළැක්වීම සඳහා ඉරානයේ සියලු තර්ජන හමුවේ ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව ද Biden එහිදී සඳහන් කර තිබේ.
ඊශ්‍රායලයේ ආරක්ෂක හැකියාවන් සඳහා සහයෝගය දක්වන බව ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී නැවත ප්‍රකාශ කර ඇත.