සියලු පාසල් සිසුන් වෙනුවෙන් සුරක්ෂා සිසු රක්ෂණය
2024-08-02 15:57:33
Share with:

සියලු රජයේ පාසල්, රජයේ අනුමත සියලු පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සමස්ත සිසු දරුවන් වෙනුවෙන් සුරක්ෂා සිසු රක්ෂණය ඊයේ (1) සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනී. 

වසර 3 ක කාලයක් සඳහා රුපියල් මිලියන 7112 ක මුදලක් මේ සඳහා ආයෝජනය කෙරුණු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ අදාළ ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට ඊයේ (1) එක්වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාවට නංවයි.

මෙම රක්ෂණාවරණය මගින් රජයේ හෝ රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ 3ක්, බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 20,000 ක්  සහ අසාධ්‍ය රෝග ප්‍රතිකාර වෙනුවෙන් 1,500,000 ක් ලෙස ප්‍රතිලාභ පිරිනැමේ. මීට අමතරව දරුවන්ගේ සුබසෙත උදෙසා තවත් විධිවිධාන රැසක් ද මීට ඇතුළත් ය.

 

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම