AI නියාමනයට යුරෝපා සංගමයෙන් නව පනතක්
2024-08-02 09:19:54
Share with:

කෘත්‍රිම බුද්ධි හෙවත් AI පනත, යුරෝපා සංගමයේ නිල නීතියක් ලෙස අගෝස්තු 1දා සිට බලාත්මක කෙරේ. මෙය AI පිළිබඳ ලොව පළමු විස්තීරණ නියාමනය වීම ද විශේෂත්වයකි.

යුරෝපා කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව නිෂ්පාදන ආරක්ෂාව සහ අවදානම් මත පදනම්ව AI පද්ධති කාණ්ඩ හතරකට වර්ග කෙරේ. එනම්, අවම අවදානම, නිශ්චිත විනිවිදභාවයෙන් යුත් අවදානම, ඉහළ අවදානම සහ පිළිගත නොහැකි අවදානම යන්නයි. 

මෙහි දෙවන වර්ගීකරණයට අනුව chatbots වැනි මෘදුකාංග භාවිතයේ දී යන්ත්‍රයක් සමග සම්බන්ධ වන බව පරිශීලකයින්ට දැනුම් දිය යුතුය. එමෙන්ම  පිළිගත නොහැකි අවදානම් යටතට ගැනෙන සියල්ල තහනම් කර ඇත.

මෙම පනතේ නීති උල්ලංඝනය කරන සමාගම්වලට අදාළ මට්ටම අනුව දඩ මුදලක් අය කරන අතර එහි උපරිමය ඔවුන්ගේ ගෝලීය වාර්ෂික පිරිවැටුමෙන් සියයට 7 ක් දක්වා වූ ඉහළ අගයකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම