ඇමරිකානු - පිලිපීන සන්ධානයෙන් සුබසෙත සැලසෙන්නේ ඇමරිකාවට පමණකි
2024-08-01 21:53:31
Share with:

ඉකුත් ජූලි මස අවසානයේ පිලිපීනය,  ඇමරිකාව සමග එක්ව විදේශ ඇමතිවරුන් හා ආරක්ෂක ඇමතිවරුන්ගේ සමුළු මාලාවක නව වටයක් පවත්වා ඇත. මීට පෙර චීනය හා පිලිපීනය දකුණු චීන මුහුදට අයත් Ren’ai ගල්පරය සම්බන්ධයෙන් තාවකාලික එකඟතාවකට පැමිණ තිබිණ. ඒ සමගින්, උග්‍ර ව පැවති දකුණු චීන මුහුදේ තත්ත්වය සමනය විය. එහෙත් ඇමරිකාව හා පිලිපීනය අතර නව සමුළු මාලාව දකුණු චීන මුහුදු කලාපයට එසේ උදා වූ සාමකාමී තත්ත්වයට බාධාවක් වනු ඇතැයි විශ්වාස කෙරේ. එම සමුළු මගින් පිලිපීනය සමග වඩාත් සමීප යුදමය සම්බන්ධතා පවත්වමින් හා පිලිපීනයට මූල්‍යාධාර ලබාදෙමින් දකුණු චීන මුහුද පිළිබඳ තත්ත්වය පාලනය කිරීමට ඇමරිකාව වෑයම් දරන බව පැහැදිලි ය. පිලිපීනය චීනය කෙරෙහි අනුගමනය කරන ප්‍රතිපත්තිවලට මෙන් ම දකුණු චීන මුහුද සම්බන්ධයෙන් පිලිපීනය පිළිපදින ප්‍රතිපත්තිවලට සෘජුවම හා දැඩි ලෙස බලපාන්නේ ඇමරිකාව බව ඉන් මැනවින් පැහැදිලි වේ.                

ආසියානු රටක් වශයෙන් පිලිපීනය දකුණු චීන මුහුද සම්බන්ධයෙන්  චීනය සමග ගනුදෙනු කිරීමේදී ආසියානු කලාපයේ සාමය හා ස්ථාවරත්වයට මුල් තැන දිය යුතුව තිබිණ. එහෙත් පිලිපීනය විසඳුමක් වශයෙන් ‍තෝරා ගෙන ඇත්තේ ආසියානු කලාපයෙන් ඔබ්බට ගොස්, වෙනත් අදාළ නොවන රටවල සහාය ලබාගැනීමයි. ඇමරිකානු-පිලිපීන සන්ධානය මගින් සැබෑ සෙත සැලසෙන්නේ පිලිපීනයට නොව ඇමරිකාවට බව ද කිව යුතු ය. එම සන්ධානය මගින් ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යය වඩාත් තහවුරු කෙරේ. එහෙත් පිලිපීනයට අවශ්‍ය වන සාමය හා සමෘද්ධිය එමගින් ‍‍නොලැබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. දකුණු චීන මුහුද සම්බන්ධයෙන් පිලිපීනය අනුගමනය කරන පිළිවෙත් ආසියාන් සංවිධානය තුළ කිසිදු ආකාරයක පිළිගැනීමකට ලක්ව නැත්තේ එබැවිනි.

දකුණු චීන මුහුදට අදාළ පාර්ශ්වයන්ගේ ක්‍රියාපිළිවෙත් පිළිබඳ ප්‍රකාශනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව මෑතකදී 57වැනි ආසියාන් සංවිධානයේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුව නිවේදනය කර ඇත. අදාළ නියමයන් අනුව ආසියාන් රටවල් චීනය සමග දකුණු චීන මුහුද පිළිබඳව කඩිනමින් ‍රෙගුලාසියක් සකස් කිරීම එම නිවේදනයෙන් දිරිගන්වා තිබේ.

පිලිපීනය අයත් වන්නේ ඇමරිකාවට නොව ආසියාවට ය. ආසියානු කලාපයේ මෙන් ම තම රටේ යහපත පිළිබඳ සලකා බලා පිලිපීනයේ ක්‍රියා කලාපය නිවැරදි වීම සාමය පතන සියලු පාර්ශ්වයන්ගේ පොදු අපෙක්ෂාවයි.

 

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම