සංචාරක ක්ෂේත්රයේ ආදායම ඉහළට
2024-08-01 17:29:45
Share with:
මේ වසරේ පළමු මාසය 6 තුළ රටේ සංචාරක ක්ෂේත්රය ඇමරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එම බලධාරීන් පෙන්වාදෙන්නේ එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව දෙගුණයකට ආසන්න වර්ධනයක් බවයි.
මේ වසරේ පළමු මාස 06 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද ඇ. ඩොලර් මිලියන 3,144 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ එම අගය ඇ. ඩොලර් මිලියන 2,823 ක් විය.
මේ අතර, ජූනි මාසය අවසාන වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ද ඇ. ඩොලර් බිලියන 5.7 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජූනි මාසය දක්වා ශ්‍රී ලංකා රුපියල ඇ.ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණ වී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියාසිටී.