හමාස් නායකයාගේ ඝාතනය හේතුවෙන් ඉරානයේ දින 3 ක ජාතික ශෝක කාලයක්
2024-08-01 17:32:45
Share with:

ඉරානය ඊ‍යේ (31) සිට දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි. ඒ,  පලස්තීන හමාස් සංවිධානයේ නායක Ismail Haniya මහතා ටෙහෙරාන් නුවර දී ඝාතනයට ලක්වීම නිමිති කරගනිමිනි. 

ඉරානයේ ඇරයුම් ලද විදේශීය අමුත්තන් එරට දී ඝාතනය කිරීම, "සියලු ජාත්‍යන්තර නීති සහ මනුෂ්‍යත්වයේ මූලධර්ම උල්ලංඝනය කිරීමක්" බව, ඉරාන රජය ඊයේ (31) ප්‍රකාශ කළේ ය. එසේම, ඉරාන රජය පලස්තීන ජනතාවට සහ Ismail Haniya මහතාගේ ඥාතීන් වෙත ද දැඩි සංවේගය පළ කරයි.

ඉරාන ජනතාව ඊයේ (31) ටෙහෙරාන් සහ මෂ්ෂද් ඇතුළු විවිධ නගරවල රැලි පැවැත්වූහ. ඊශ්‍රායල සහ ඇමෙරිකානු විරෝධී පාඨ කියමින් මෙම “ත්‍රස්තවාදී ක්‍රියාව" හෙළාදුටු ඔවුහු සිද්ධිය සම්බන්ධයෙන් බටහිර රටවල නිශ්ශබ්දතාව සහ එම දෙබිඩි පිළිවෙත පිළිබඳ කෝපය පළ කළහ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම