චීන පුරාවස්තු ඇතුළත් සුවිශේෂ ප්‍රදර්ශනයක් ඊජිප්තුවේ Luxor කෞතුකාගාරයේ දී
2024-08-01 20:13:50
Share with:

"ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක් - Liangzhu නගරයේ පුරාවස්තු දකිමු" නැමති 2024 ගෝලීය ප්‍රදර්ශන‍යේ තවත් පියවරක් ඊජිප්තුවේ Luxor කෞතුකාගාරයේ දී ඇරඹේ. චීන මාධ්‍ය සමූහය, Luxor කෞතුකාගාරය සහ Cairo නුවර චීන සංස්කෘතික මධ්‍යස්ථානය මේ සඳහා සමඅනුග්‍රහය දක්වයි.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ ඊජිප්තුවේ Luxor පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වූහ. සංස්කෘතික, සංචාරක, මාධ්‍ය සහ වෙනත් ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ප්‍රතිලාභී  සහයෝගිතා පිළිබඳ අදහස් ඔවුහු එහිදී හුවමාරු කර ගත්හ.

"ලොව විශාලතම එළිමහන් කෞතුකාගාරය" ලෙස ඉහළ ආකර්ෂණයක් හිමි Luxor කෞතුකාගාරය පුරාණ ඊජිප්තුව සතු විශිෂ්ට ශිෂ්ටාචාරයේ ප්‍රබල සංකේතයක් බව Shen Haixiong මහතා පැවසීය. 2016 වසරේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඊජිප්තු නිල සංචාරය අතරතුර, ජනාධිපති Abdul Fatah Al-Sisi මහතා සමඟ, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 60 වැනි සංවත්සර සැමරුමට සහභාගි වූ අතර එය Luxor චතුරස්‍රයේ දී පැවැත්විණ. චීනය සහ ඊජිප්තුව අතර සංස්කෘතික හුවමාරුවේ නව පරිච්ඡේදයක ඇරඹුම එහිදී සටහන් වූ බව ද Shen Haixiong මහතා කියාසිටියේය. දෙරට නායකයන්ගේ උපායමාර්ගික මගපෙන්වීම යටතේ චීන-ඊජිප්තු සබඳතා වර්ධනය වී තිබේ. Luxor පළාත් රජය සමඟ එක්ව ඒකාබද්ධ වැඩසටහන් නිෂ්පාදනය, සංචාරක සම්පත් ප්‍රවර්ධනය හා පුද්ගල හුවමාරු යනාදී වශයෙන් සහයෝගිතා තවදුරටත් පුළුල් කර, ද්විපාර්ශ්වික මිත්‍රත්වය තහවුරු කිරීම චීන මාධ්‍ය සමූහයේ අපේක්ෂාව බව ද Shen Haixiong මහතා පැවසීය.

මෙම විශේෂ ප්‍රදර්ශනය අද (1) සිට මසක කාලයක් Luxor කෞතුකාගාරයේ දී පැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම