ගාසා හි ළමා අරමුදලට දායක වූ සියලුදෙනාට ජනපතිගෙන් තුති
2024-08-01 17:25:54
Share with:

ගාසා තීරයේ පවත්නා යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සඳහා මූල්‍යාධාර ලබාදීම වෙනුවෙන් ඇරඹුණු ‘ගාසා හි ළමා අරමුදල’ ට දායකවීමේ අවස්ථාව ජූලි මස 31 වැනිදායින් අවසන් කෙරේ. මෙම අරමුදල ආරම්භ කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුවයි.

පසුගිය රාමසාන් මාසය තුළ මෙම අරමුදල වෙනුවෙන් දායක වන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් කළ ඉල්ලීම අනුව, දිවයින පුරා විශාල පිරිසක් කිසිදු භේදයකින් තොරව ඊට දායක වූහ. අනතුරුව ඊට හිමි වූ ඉහළ ජනතා ප්‍රතිචාර අනුව එම කාලය මැයි 31 වැනිදා දක්වා දීර්ඝ කෙරිණ. ඉන්පසුව ද පරිත්‍යාගශීලින් විසින් මෙම අරමුදල සඳහා තවදුරටත් මුදල් තැන්පත් කිරීම සිදුකරන බව නිරීක්ෂණය වී ඇත.

මෙම අරමුදල සඳහා තවදුරටත් මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටින අතර, ජූලි 31 වැනිදායින් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් සඳහා ජනාධිපති අරමුදල වෙත බැර කිරීමට පියවර ගැනෙනු ඇත.

මෙම සත්කාර්යය සමග මානුෂීයත්වයෙන් අත්වැල් බැඳ ගත් සියලු ජනතාවට ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්යාලය ඉහළ කෘතවේදීත්වය පිරිනමයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම