චීන ඉන්දීය දේශසීමා මායිම් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා හා සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ 30වන රැස්වීමේ දී එකඟතා රැසක්
2024-08-01 14:53:50
Share with:

චීන ඉන්දීය දේශසීමා මායිම් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා හා සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ 30වන රැස්වීම පැවැත්වේ.

චීන විදේශ අමාත්‍යංශයේ දේශසීමා මායිම් හා මුහුදු කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි හොං ල්‍යං මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යංශයේ නැගෙනහිර ආසියානු දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ ලේකම් Gourangalal Das මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ඊයේ(31) නව දිල්ලි නුවරදී පැවැත්විණ. රාජ්‍යතාන්ත්‍රික, ආරක්ෂක හා සංක්‍රමණික කටයුතු පිළිබඳ දෙරට අංශවල නියෝජිතවරු ඊට සහභාගි වූහ.

 මෑතක පැවති චීන හා ඉන්දීය විදේශ ඇමතිවරුන්ගේ හමුවේදී එළඹි වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එහිදී එකඟතාව පළ කළහ. දේශසීමා මායිම්හි සවිත්තර ප්‍රශ්නවලට යොමු වෙමින් එකිනෙකාගේ හේතු සහගත ප්‍රතිලාභයන් වෙත සැලකිල්ල දක්වමින් දෙපාර්ශ්වයට පිළිගත හැකි විසඳුමකට කඩිනමින් පැමිණීමට ද අපේක්ෂා පළ කෙරේ. දෙරට සම්බන්ධතාවයේ විධිමත් හා ස්ථාවර වර්ධනය සඳහා, රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය අදහස් හුවමාරු පවත්වා ගෙන යමින් සාකච්ඡා ක්‍රියාදාමය කඩිනම් කර දේශසීමා මායිම්හි තත්ත්වය මුළුමනින් යහපත් කිරීමට වෑයම් දැරිය යුතුය. පැමිණ ඇති ගිවිසුම් දැඩි ලෙස අනුගමනය කරමින් දේශසීමා මායිම් ප්‍රදේශවල සාමය පොදුවේ අඛණ්ඩව ආරක්ෂා කිරීමට ද එහිදී දෙපාර්ශ්වයේ කැමැත්ත පළ වී තිබේ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම