මැදපෙරදිග තත්ත්වය සමනය කිරීමට වැඩි අවධානයක් යොමු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්
2024-08-01 11:14:59
Share with:

දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය උදෙසා මැදපෙරදිග තත්ත්වය සමනය කිරීමට වැඩි අවධානයක් යොමු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක Stephane Dujarric මහතා ඊයේ(31) ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කර ඇත.

කඩිනමින් ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීම, සියලුම ඊශ්‍රායල රැඳවියන් නිදහස් කිරීම, ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම සහ ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාවේ "නිල් රේඛාව" ඔස්සේ සාමය ස්ථාපිත කිරීම සඳහා සියලු උත්සාහයන් ගත යුතු බව ද එම ප්‍රකාශයේ සඳහන් වෙයි. නමුත් වර්තමාන තත්ත්වය මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයන් වළක්වා ඇත. ලෙබනනයේ Beirutහි දකුණු තදාසන්න ප්‍රදේශයේ සහ ඉරාන Tehran අගනගරයේ සිදු වූ ප්‍රහාර, සමස්ත තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇති බව ද එම ප්‍රකාශය පෙන්වා දෙයි.

සමස්ත මැදපෙරදිග ප්‍රදේශය, අනතුරකට යොමු කර, සාමාන්‍ය වැසියන්ට දරුණු බලපෑමක් ඇති කළ හැකි ඕනෑම ක්‍රියාවක් වැළැක්වීමට ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කළ යුතු ය. කලාපීය ආතතීන් අඩු කිරීම සඳහා පුළුල් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යා යුතු බව ද එම ප්‍රකාශයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම