නව ‘ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය’ සකස් කිරීම අවසන්
2024-08-01 17:18:25
Share with:

ගෝලීය  වශයෙන් තරගකාරී ජාතික කර්මාන්ත පදනමක් ගොඩනැගීමේ පස් අවුරුදු උපායමාර්ගික සැලැස්ම ඇතුළත් “ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය” සකස් කර අවසන් බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.  එය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ඉදිරිපත් කර තිබේ.

වසර 2030 වන විට දළ දේශීය නිෂ්පාදිතයට නිෂ්පාදන කර්මාන්ත අංශයේ දායකත්වය 16% - 20% දක්වා ඉහළ නැංවීම සහ ශ්‍රම බලකායේ ව්‍යවසායක දායකත්වය 2.8% - 7% දක්වා ඉහළ නැංවීම “ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය” ට ඇතුළත් ය. එසේම දළ දේශීය නිෂ්පාදිතයේ කාර්මික අපනයනයන්ගේ දායකත්වය 14% - 20% දක්වා ඉහළ නැංවීම ද එහි  ඉලක්කයකි.

කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා මේ කරුණු අනාවරණය කළේ,  ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  මීට අමතරව, අනාගතයට ගැලපෙන පරිදි කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය සඳහා වන අවසන් කෙටුම්පත ද නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම