න්‍යෂ්ටික අවි නොමැති රාජ්‍යයන්ගේ බැඳීම් උල්ලංඝනය කරන ජපානය
2024-08-01 10:24:48
Share with:

මෑතකදී පැවති ජපාන-ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික සහ ආරක්‍ෂක “2+2” රැස්වීම, ඇතුළු අවස්ථාවලදී, ජපානයේ හැසිරීම කලාපීය රටවල් අතර ඉහළ සුපරීක්ෂාකාරීත්වයකට හේතුවී තිබේ.

ඉන් වඩාත්ම ප්‍රශ්නකාරී කරුණ බවට පත්ව ඇත්තේ න්‍යෂ්ටික අවි ඇතුළු හමුදා බලය ජපානය ඇතුලත් වන සන්ධාන රටවල් ආරක්ෂා කිරීම සඳහා භාවිත කිරීමට ඇමරිකාව සිදු කළ ප්‍රතිඥා ශක්තිමත් කිරීමයි. ජපානයේ මෙම පියවර න්‍යෂ්ටික නිර්ව්‍යප්ත ගිවිසුම යටතේ න්‍යෂ්ටික අවි නොමැති රාජ්‍යයන්ගේ බැඳීම් උල්ලංඝනය කිරීමක් වන අතර, එය න්‍යෂ්ටික ව්‍යාප්තිය සහ න්‍යෂ්ටික ගැටුම් අවදානම ද ඉහළ නංවන්නකි. ඉන් කලාපීය ආතතීන් ද  තවදුරටත් උත්සන්න කෙරේ. ජපානය යුද්ධයකට හෝ න්‍යෂ්ටික යුද්ධයකට තල්ලු කිරීමේ අවදානම වැඩි වනු ඇතැයි විශ්ලේෂකයින්‍ ගේ අදහස වී තිබේ. ඇමරිකාවේ න්‍යෂ්ටික ආවරණයෙන්   ජපානයට ගෙන එන්නේ ආරක්ෂාවක් නොව අනතුරකි.

ජපානයේ “සාම ව්‍යවස්ථාවේ” 9 වැනි වගන්තියෙන් ජපානය යුද්ධයට ඇති අභිලාෂය අතහැර සාමකාමී සංවර්ධනය තෝරා ගෙන ඇත. දෙවන ලෝක සංග්‍රාමයෙන් පරාජිත රටක් ලෙස ජපානය ඉතිහාසයේ පාඩම් ගැඹුරින් මෙනෙහි කළ යුතු අතර, කිසිදු ආකාරයකින් න්‍යෂ්ටික අවි සමග සම්බන්ධ නොවී තම හමුදාව ශක්තිමත් කිරීමේ සහ ආයුධ පුළුල් කිරීමේ වැරදි මාවත තවදුරටත් අනුගමනය නොකළ යුතුය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම