හමාස් නායකයාගේ ඝාතනය චීනය තරයේ හෙළා දකී
2024-08-01 11:01:50
Share with:

හමාස් සංවිධානයේ නායකයෙකු වන Ismail Haniyeh ගේ ඝාතනය චීනය තරයේ හෙළා දකී.

ඉරානය, චීනය, ඇල්ජීරියාව සහ රුසියාව යන රටවල ඉල්ලීමකට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ Ismail Haniyeh මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පැවැත්වීය. 

එම ඝාතනය චීනය තරයේ හෙළා දකින බවත්, එය සාම ප්‍රයත්නයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්මයක් වන සියලු රටවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම උල්ලංඝනය කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එම රැස්වීමේදී කියා සිටියේය. එම සිද්ධිය අදාළ කලාපය තවදුරටත් අස්ථාවරත්වයට පත්වීමට හේතු විය හැකි බැවින් චීනය ඒ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත්, ගාසා තීරයේ සියලුම හමුදා මෙහෙයුම් හා එහි ජනතාවට සාමූහික දඬුවම් පැනවීම වහාම නතර කරන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී.  ඒ සඳහා බලපෑමක් එල්ල කළහැකි රටවල්, අදාළ පාර්ශ්වවලට පීඩනය සහ ඒත්තු ගැන්වීම වැඩි කළ යුතු අතර, ගාසා තීරයේ යුද්ධය මැඩපැවැත්වීමට අවංක උත්සාහයක් දැරිය යුතු බව ද Fu Cong මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම