තවත් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය පළ වේ
2024-07-31 16:46:50
Share with:

ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවෙයි.

නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, එකී පනත් කෙටුම්පත සංශෝධනය කරමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පසුගිය 15 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය  ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෙරුණු යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණ.  

එම ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා විසිනි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම