චීන මධ්‍යම රජය හා රාජ්‍ය ආයතන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය මැනැවින් අධ්‍යයනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.
චීන මධ්‍යම රජය හා රාජ්‍ය ආයතන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය අධ්‍යයනය කරමින්, එම ආයතනවල පක්ෂ සංවර්ධනය ඉහළ ගුණාත්මකබවින් යුතුව පවත්වාගෙන යාම තේමා කරගත් වැඩමුළුවක් අද (31) බෙයිජිං හිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, මධ්‍යම රජයේ හා රාජ්‍ය ආයතනවල කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ලේකම් Cai Qi මහතා ඊට එක්වෙමින් ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ උපදෙස් ප්‍රකාශයට පත් කළේය.
චීන ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව, පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය මැනැවින් අධ්‍යයනය කරමින් එහි සාරයන් උකහා ගැනීම වත්මන් හා ඉදිරි කාලයේ පක්ෂයේ හා රටේ වැදගත් දේශපාලන කාර්යයකි. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ හා සැලසුම් ප්‍රථමයෙන් ක්‍රියාත්මක කරන්නේ මධ්‍යම රජය හා රාජ්‍ය ආයතනයි. එබැවින් එම බැරෑරුම් දේශපාලන කාර්යය වෙනුවෙන් එම ආයතන පෙරමුණ ගත යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
චීන ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව යමින්, මධ්‍යම රජය හා රාජ්‍ය ආයතන මෙන් ම ඒවායේ පිහිටුවා ඇති පක්ෂ සංවිධාන හා සාමාජිකයන් දක්වන අවංකභාවය ශක්තිමත් කරමින් සිය දේශපාලන හැකියාවන් ඉහළ නංවා ගත යුතු බව ද Cai Qi මහතා එම වැඩමුළුවේදී පෙන්වා දුන්නේ ය.