කලාපීය සාමය අනතුරේ හෙළන ඇමරිකානු - ජපාන යුද සහයෝගිතා කෙරෙහි ගෝලීය ජනතාවගේ දැඩි අප්‍රසාදය
2024-07-31 16:03:34
Share with:

ජපානය සහ ඇමරිකාව දෙරට අතර පවතින යුදමය සහයෝගිතා තර කිරීම සම්බන්ධයෙන් ගෝලීය ජනතාවගේ දැඩි අවධානය  යොමු වේ. එය කලාපීය සාමයට දැඩි තර්ජනයක් බව ද ජනමත විමසුමකට එක් වූ බහුතර පිරිස පෙන්වා දී ඇත. ජපානය සහ ඇමරිකාව මෑතක දී ටෝකියෝ නුවර පැවති ආරක්ෂක උපදේශන කමිටු රැස්වීමෙන් පසු ඒකාබද්ධ ප්‍රකාශයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබේ. දෙරට යුදමය සහයෝගිතා වඩාත් උසස් තත්ත්වයක් දක්වා සංවර්ධනය කරමින්, ඇමරිකානු හමුදාව ජපානයේ ඇතැම් ආරක්ෂක කටයුතුවලට එක්වීම සඳහා ද්විපාර්ශ්වික එකඟතාව පළ වී ඇතැයි ද එහි සඳහන් ය. 

CGTN ආයතනය අන්තර්ජාලය ඔස්සේ කළ මත විමසුමක දී 81.69% ක පිරිසක් පෙන්වා දුන්නේ ජපානයේ සහ ඇමරිකාවේ මෙම පියවර කලාපීය සාමය හා ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් බව යි. එසේම එය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයට යොමුව ඇති බව ද ඔවුහු පවසති. අගමැති Fumio Kishida ගේ නායකත්වයෙන් යුතු රජය බලයට පත් වූ දා සිට  ජපාන - අමරිකානු සබඳතාව ‘යුදමය සංහිඳියාවක්’ දක්වා ව්‍යාප්ත කරමින්,  ඇමරිකාවේ ඉන්දු - ශාන්තිකර උපායමාර්ගයට සහයෝගය පළකරමින් සිටී. 

2024 වසර සඳහා ජපානයේ ආරක්ෂක පිරිවැය ජපන් යෙන් ට්‍රිලියන 7.9 ක් ලෙස මෙතෙක් වාර්තාගත ඉහළම අගය දක්වා පැමිණ තිබේ. ජනමත විමසුමට එක් වූ 90.33% ක පිරිස මේ පිළිබඳව පවසා තිබුණේ ජපානය අතිශය අනතුරුදායක මාවතකට වඩාත් වැඩියෙන් නැඹුරු වී ඇති බවයි. ඇමරිකානු - ජපාන ඒකාබද්ධ ප්‍රකාශයේ දී ‘චීන තර්ජනය’ යන අදහස ද යළි හුවාදක්වා ඇත. චීනය තම විදේශ ප්‍රතිපත්තිය ඔස්සේ තම අභිමතාර්ථ ඉටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර පටිපාටිය වෙනස් කිරීමට උත්සාහ කරන බවට ද එමගින් චෝදනා එල්ල කර තිබේ. මීට අමතරව, දකුණු චීන මුහුදු කලාපයේ පවතින අර්බුදය පිළිබඳව ද ජනමත විමසුමට එක්වූවන් ප්‍රතිචාර දක්වා ඇත. ඉන් 87.98% ක පිරිසක් කියාසිටියේ, එම කලාපයෙන් පරිබාහිර රටක් වන ජපානය පවතින තත්ත්වය වඩාත් සංකීර්ණත්වයට පත් කිරීම මිස, විසඳුමක් අපේක්ෂා නොකරන බවයි. 

මෙම අන්තර්ජාල මත විමසුම CGTN ආයතනය සතු ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු වේදිකාවල පැය 24 ක් පුරා පවත්වන ලදී. 7254 ක පිරිසක් එහිදී තම අදහස් පළ කර ඇත.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම