කියුබාව "ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්" ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ඇමරිකාවෙන් ඉල්ලා සිටිති
2024-07-31 09:29:06
Share with:

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නම් කර ඇති “ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටවල්” ලයිස්තුවෙන් කියුබාව ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්වාධීන විශේෂඥයින් තිදෙනෙක් ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඊයේ(30) මේ බව ප්‍රකාශ කර ඇත.

ඇමරිකාව 2021 වසරේ සිට කියුබාව ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳව බරපතල ලෙස කනස්සල්ලට පත්ව සිටින බව ඔවුහු ප්‍රකාශ කරති. වසර 62 කට වැඩි කාලයක් කියුබාව වෙත සම්බාධක පැනවීම හේතුවෙන් කියුබාවේ ජාත්‍යන්තර හුදකලාව ගැඹුරු කර ඇති බව ද විශේෂඥයෝ ඒකාබද්ධ නිවේදනයෙන් කියා සිටියහ.

ඔවුන් පවසන්නේ ඇමරිකාවේ මෙම ක්‍රියාව කියුබාවේ ආර්ථික දුෂ්කරතා උග්‍ර කිරීමට මෙන්ම අතිරේක ආර්ථික සහ මූල්‍ය සීමාවන් රාශියක් ගොඩනැංවීමට හේතු වී ඇති බවයි. සැලකිය යුතු ආර්ථික අභියෝගවලට මුහුණ දෙන තීරණාත්මක අවස්ථාවක කියුබානු ජනගහණයේ අවශ්‍යතා සපුරාලීමට මෙය බාධාවක් වී තිබේ.

ත්‍රස්තවාදීන්ට සහාය දෙන රටක් ලෙස කියුබාව ඒකපාර්ශ්විකව නම් කිරීම රාජ්‍යයන්හි ස්වෛරී සමානාත්මතාවය, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ ආරවුල් සාමකාමීව විසඳීම ඇතුළු ජාත්‍යන්තර නීතියේ මූලික මූලධර්මවලට පටහැනි බව විශේෂඥයෝ සඳහන් කළහ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම