මධ්‍යම අප්‍රිකානු ජනරජයට පැනවූ අවි ප්‍රවාහන තහනම අහෝසි කරන බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණය එරට ආරක්ෂාව සහතික කිරීම සඳහා වඩාත් හිතකර වනු ඇති බව චීනය පවසයි.
එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය උප නියෝජිත ඩයි බිං මහතා ඊයේ(30) මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක මණ්ඩලයේ අදාළ ඡන්ද විමසීමෙන් පසු ඒ පිළිබඳ අදහස් දක්වමිනි.
ආරක්ෂක මණ්ඩලයේ මෙම තීරණයට මධ්‍යම අප්‍රිකාවේ සාම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමේ දී ප්‍රායෝගික වැදගත්කමක් හිමි වන බව ද ඔහු කියා සිටියේය.
මෑත වසරවල ආරක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක කළ අවි ප්‍රවාහන තහනම මධ්‍යම අප්‍රිකාවේ සන්නද්ධ කණ්ඩායම් නීතිවිරෝධී මාර්ගවලින් අවි ලබා ගැනීම වැළැක්වීමට අසමත් විය. එපමණක් නොව, එම තහනම හේතුවෙන් අපකීර්තියට පත්වූ මධ්‍යම අප්‍රිකාවට, ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීම, ආර්ථික හා වෙළඳ සහයෝගිතා පැවැත්වීමේදී ඍණාත්මක බලපෑම් ද ඇති කර තිබේ. එහෙයින් එරටට පැනවූ සම්බාධක ඉවත් කිරීම එරට රජයේ හා ජනතාවගේ දැඩි අපේක්ෂාව වන අතර, ඒ සඳහා කලාපීය රටවල හා සංවිධානවල දැඩි සහයෝගය ද හිමි වූ බව ඩයි බිං මහතා සඳහන් කර ඇත.