චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය 16 වන සාමූහික අධ්‍යයන සමුළුව පවත්වයි
2024-07-31 17:36:39
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ 16 වන සාමූහික අධ්‍යයන සමුළුව පැවැත්වේ. එය ඊයේ (30) සවස බෙයිජිං අගනුවරදී  පැවැත්විණ. ‘නවීන දේශසීමා, මුහුදු සහ ගුවන් ආරක්ෂක ඉදිකිරීම් ප්‍රවර්ධනය’ මෙම සමුළුවේ ප්‍රධාන තේමාවයි.

මෙම සමුළුව අගෝස්තු පළමුවැනිදා, එනම් චීනයේ යුද හමුදා දිනයට පෙර පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී, පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ මධ්‍යම හමුදා කොමිසම වෙනුවෙන්, මහජන විමුක්ති හමුදාව, සන්නද්ධ පොලිස් බලකාය,  හමුදා සිවිල් බලකාය සහ මිලීෂියා ආරක්ෂණ බලකාය ඇතුළු සියලු ආයතන නියෝජනය කරන සමස්ත පිරිසට උණුසුම්  සුබ පැතුම් පිරිනැමීය.

මධ්‍යම හමුදා කොමිසමේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ Huang Jizhong මහතා එහිදී නවීන දේශසීමා, මුහුදු සහ ගුවන් ආරක්ෂක ඉදිකිරීම් ප්‍රවර්ධනය පිළිබඳ ගැටලු විග්‍රහ කළ අතර, ඊට අදාළ යෝජනා ඉදිරිපත් කළේ ය. ඊට සවන් දුන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීය.

මේ අවස්ථාවන්ට එක් වූ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ, නවීන දේශසීමා, මුහුදු සහ ගුවන් ආරක්ෂක ඉදිකිරීම් ප්‍රවර්ධනය, ජාතික ආරක්ෂාව හා හමුදා නවීකරණයේ දී අතිශය වැදගත් වන බවයි. චීන ලක්ෂණ සහිත නවීකරණයෙන් බලවත් රටක් ගොඩනැගීමේ සහ ජාතික පුනර්ජීවන කාර්යයේ දී ද එය බෙහෙවින් ඉවහල් වනු ඇත. එසේම, නවයුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදී චින්තනයට අනුගතව දේශසීමා, මුහුදු සහ ගුවන් ආරක්ෂක ක්ෂේත්‍රයන්හි නව තත්ත්වය, නව ලක්ෂණ සහ නව අවශ්‍යතා ග්‍රහණය කර ගත යුතු බවත්, එම අංශයන් හි ස්ථාවරභාවය තහවුරු කිරීමට කැප විය යුතු බවත්  ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම