චීන ජනාධිපති ෂී ජින් පිං මහතා“බලගතු සිව්වැනි බලඇණිය ”දිරිගන්වයි. යුද හමුදා දිනයට පෙර හෙතෙම එම බලඇණියට ලිපියක් යොමු කර තිබේ. 2014 වසරේ තමන් “බලගතු සිව්වැනි බලඇණිය ” නිරීක්ෂණය කළ බව සිහිපත් කරමින් චීන ජනාධිපතිවරයා එම ලිපියෙන් කියා සිටියේ, ගෙවුණු දශකය තුළ එම බලඇණිය විවිධ අවස්ථාවලදී ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ පිළිබඳව තමා සාඩම්බරයට පත්ව සිටින බවයි.
“බලගතු සිව්වැනි බලඇණිය ”දිගු විප්ලවීය ඉතිහාසයකට හිමිකම් කියන සුවිශේෂ හමුදා සේනාංකයකි. යුද්ධ පැවති කාලයේ මෙන් ම සාමය පවතින වත්මන් කාලයේ එම බලඇණිය නන් අයුරින් කාර්යභාරයන් ඉටු කර ඇත. එම බලඇණිය ඊට ආවේණික හමුදා සම්ප්‍රදායන් උරුම කරගනිමින්, නව යුගයට ගැලපෙන ආකාරයට පුහුණු වී වඩාත් බලවත් සේනාංකයක් බවට පත් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා සිය ලිපියෙන් සඳහන් කර තිබේ.