හමුදා සංවර්ධනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ලිපියක් Qiu shi සඟරාවේ පළ කෙරේ. හෙට (1) නිකුත් කෙරෙන කලාපයට එම ලිපිය ඇතුළත් වනු ඇත.
2022 වසරේ ඔක්තෝබර් 16 වැනිදා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාවෙන් කොටසක් උපුටා ගනිමින් “චීන මහජන විමුක්ති හමුදාවේ සියවසක සංවර්ධන ඉලක්ක සැබෑ කරමින් ජාතිකාරක්ෂාව සහ හමුදා නවීකරණය නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාම”මැයෙන් යුතුව Qiu shi සඟරාව එම ලිපිය සකස් කර ඇත.
නියමිත සැලසුම් අනුව, චීන මහජන විමුක්ති හමුදාවේ සියවසක සංවර්ධන ඉලක්ක සැබෑ කිරීම සහ එය ලොව ඉහළම පෙළේ හමුදාවක් බවට පත් කිරීම, චීනය සමාජවාදී නවීකරණ රටක් වශයෙන් ගොඩනැගීමේ දී උපායමාර්ගික අවශ්‍යතාවක් බව එම ලිපිය පෙන්වා දෙයි. නවයුගයේ චීන කොමියුනිස්ට් පක්ෂය හමුදාව සවිබලගැන්වීමේ ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත්, චීන මහජන විමුක්ති හමුදාවට කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ නායකත්වය හිමි විය යුතු බවත් එමගින් අවධාරණය කර ඇත.