පිලිපීනය තුළ මධ්‍යම දුර මිසයිල යෙදවීම සඳහා, එරට ඇමරිකාවට අවසර දීම, කලාපීය ආතතීන් තවදුරටත් අවුළුවන පියවරක් බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා පෙන්වා දෙන්නේ, භූ දේශපාලන ගැටුම සහ අවි තරඟය තවදුරටත් ව්‍යාප්ත කරන එම ක්‍රියාව බරපතල වරදක් බවයි.
ඔහු මේ අදහස් පළ කළේ, පිලිපීනයේ අදාළ පියවර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. පිලිපීන විදේශ ඇමතිවරයා පවසා තිබුණේ එය කිසිදු ප්‍රහාරාත්මක අරමුණකින් නොව, පිලිපීනයේම ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා සිදුකරන බවයි.
මෙම කලාපයට මිසයිල හෝ ගැටුම් කිසිසේත් අවශ්‍ය නොවන බව චීනය අවධාරණය කරයි. එහි සහතික කළ යුත්තේ සාමය සහ සමෘද්ධිය පමණකි. කලාපීය රටවල හඬට අවනත වී සිය වැරදි භාවිතයන් හැකි ඉක්මණින් නිවැරදි කිරීමට පියවර ගන්නැයි චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. ඒ අනුව, මධ්‍යම දුර මිසයිල පද්ධතිය ඉවත් කළ යුතු බවත්, තවදුරටත් වැරදි මාර්ගයේ නොයා යුතු බවත් චීනය ඉල්ලා සිටින බව ද Lin Jian මහතා අවධාරණය කළේ ය.