පරිසරය හා අතීත උරුමය සුරකිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවිය යුතු බව අගමැතිවරයා කියාසිටී
2024-07-31 16:45:01
Share with:

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ දී ස්වාභාවික පරිසරයේ පැවැත්ම සහ තිරසරබව මෙන්ම අනාගත පරපුරේ උරුමය කෙරෙහි ද අවධානය යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඇල්ල ආරුක්කු නවය පාලම ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමේ අවස්ථාවට ඊයේ (30)   එක්වෙමින් අගමැතිවරයා මේ බව කියාසිටියේය. අගමැති කාර්යාලයේ දී එය අත්සන් තැබුණේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම සංස්කෘතික අරමුදල අතරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික උරුම ස්ථානයක් ආශ්‍රිතව ගිලන් රථ සේවයක් ආරම්භ කිරීම මීට ඇතුළත් ය. මෙම ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්‍රිතව ද සංචාරක කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

සංචාරක කේන්ද්‍රස්ථාන සංවර්ධනය කර ඒවායේ ආකර්ෂණය ඉහළ නංවන අතර ම අතීත උරුමය සුරැකීමේ අවශ්‍යතාව‍ ද අගමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම