ඊශ්‍රායල හමුදාව ඊයේ (30) රාත්‍රී ලෙබනන් අගනුවර වන Beirut හි දකුණු තදාසන්න ප්‍රදේශය වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. මෙම ප්‍රහාරයෙන් කාන්තාවක් සහ ළමුන් 2 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුව තිබේ.
ඊශ්‍රායල ජාතිකාරක්ෂක හමුදාව ඊයේ (30) නිකුත් කළ ප්‍රකාශයකට අනුව, ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකුට එරෙහිව එම ප්‍රහාරය එල්ල කර තිබේ.
ලෙබනන් භාරකාර රජයේ අගමැති Najib Mikati මහතා, Hamas සංවිධානය සහ ඉරාන විදේශ අමාත්‍යාංශය ඇතුළු තවත් බොහෝ පාර්ශ්ව Beirut වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරය හෙළා දැක තිබේ.
ලෙබනනය සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක Jeanine Hennis-Plasschaert මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් Beirut හි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට සිදු වූ හානිය පිළිබඳව කනස්සල්ල ප්‍රකාශ කළාය. එදිරිවාදිකම් නැවැත්වීම සඳහා සියලු රාජ්‍යතාන්ත්‍රික මාර්ග ගවේෂණය කරන ලෙස එම නිවේදනය ඊශ්‍රායලයෙන් සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් ඉල්ලීමක් ද කර ඇත.