ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
2024-07-30 16:42:18
Share with:

තමා සමග එක්ව සිටි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්තුතිය පළකරයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

රට දරුණු අර්බුදයකට පත් ව, බලශක්තිය, ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය දෑ නොමැතිව ජනතාව අරගල කළ අවස්ථාවක තම සැලැස්ම කෙරෙහි විශ්වාසය තැබූ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා කෘතවේදීත්වය  පුද කර ඇත. ජයගත නොහැකි බව පැවසුණු අභියෝග හමුවේ මන්ත්‍රීවරුන්ගේ කැපවීම සහ විශ්වාසය තමා දිරිගැන්වූ බව ද ඔහු කියාසිටී.

පක්ෂ දේශපාලනය පසෙක ලා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම තේරුම් ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට ස්තුතිය පළ කරන වික්‍රමසිංහ මහතා එකට එක්ව තව බොහෝ දේ කළ හැකි බව ද ඔවුන් වෙත සිහිපත් කර ඇත.

එක්සත්ව, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට පෙළගැසෙන ලෙස ද ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම