යළි ධුරයට පත් වෙනිසියුලානු ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-07-30 20:02:56
Share with:
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත්වූ Nicolás Maduro මහතාට සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (30) යොමු කර ඇත.
චීනය හා වෙනිසියුලාව අන්‍යෝන්‍ය විශ්වසනීයත්වයෙන් යුතු, ඒකාබද්ධ සංවර්ධනයේ නිරත හවුල්කාරී රටවල් වේ. වෙනිසියුලාව සිය ස්වාධිපත්‍යය, ජාතික අභිමානය හා සමාජයීය ස්ථාවරත්වය සහතික කිරීමට දරන සියලු ප්රයත්නයන්ට චීනය සෑම විටම ස්ථිර සහාය පළකරයි.
චීන-වෙනිසියුලා සබඳතාවේ සංවර්ධනය උදෙසා Nicolás Maduro මහතා සමඟ එක්ව දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නව මට්ටමකට ඉහළ නංවා ගැනීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.