චීන මාධ්‍ය සමූහය අරාබි ලීගය සමග සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබයි.
අරාබි ලීගයේ මහලේකම් Ahmed Aboul Gheit මහතා අද (30) ඊජිප්තුවේ කයිරෝ නුවරදී චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා හමු විය. සංස්කෘතික, ක්‍රීඩා, මාධ්‍ය සහයෝගිතා සහ පුද්ගල හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශ්වය පුළුල් ලෙස අදහස් හුවමාරු කළ අතර, සහයෝගිතා ගිවිසුමකට ද එහිදී අත්සන් තැබිණ.
එම ගිවිසුම අනුව ලේඛන සකස් කිරීම, හුවමාරු කිරීම හා ඩිජිටල්කරණය, මාධ්‍ය වැඩසටහන් නිෂ්පාදනය, මාධ්‍ය තාක්ෂණයේ පර්යේෂණ සහ පුද්ගල හුවමාරු සඳහා චීන මාධ්‍ය සමූහය සහ අරාබි ලීගය සහයෝගයෙන් කටයුතු කරනු ඇත.
මේ අතර, චීන-අරාබි සහයෝගිතා සංසදය ස්ථාපිත කිරීමේ 20 වැනි සංවත්සරය නිමිති කරගනිමින් දෙපාර්ශ්වය ඒකාබද්ධ වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වෙයි. චීන-අරාබි සහයෝගිතා සංසදය ස්ථාපිත කර ගෙවුණු වසර 20 ක කාලය තුළ සිදු වූ වැදගත් සිද්ධීන් හා අතීත සහයෝගිතාවයේ ප්‍රතිඵල සමාලෝචනය එම වාර්තා චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරේ.