චීනයේ ටිබෙටය රටේ තරුණ ව්‍යාපාරිකයන්ගේ ඉහළ ආකර්ෂණයට ලක්වන්නේ ඇයි?
2024-07-30 15:42:22
Share with:

 

‘අපේ ගොවිපොළට උපාධිධාරීන් අවශ්‍යයි. මේ නිසා මම සේවය කරමින් සිටි විදුලිබල සමාගමෙන් ඉල්ලා අස්වී ආපසු ගමට පැමිණියා.’ මෙය, චීනයේ ටිබෙට් ස්වායත්තයේ තරුණියකගේ ප්‍රකාශයකි.

මෙයින් පිළිබිඹු වන්නේ ටිබෙට්යේ වෙසෙන බොහෝ වර්තමාන තරුණ තරුණියන් කෙරෙහි පවතින ආකල්පයකි. මේ අතරින් ඇතැමුන් ටිබෙට්යේ උපත ලැබූවන් වන අතර, තවත් පිරිසක් ටිබෙටය පදිංචිය සඳහා තෝරාගෙන තම ව්‍යාපාර ආරම්භ කළ අය වීම කැපීපෙනේ.

ව්‍යාපාරවල නිරත තරුණයන්ගේ ආයෝජන ගමනාන්තය ලෙස ටිබෙටයට ඉහළ ආකර්ෂණයක් හිමිවන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු වේ. එම ප්‍රදේශයේ ආර්ථික සංවර්ධනය මේ වනවිට සැලකිය යුතු අයුරින් තහවුරු වී තිබීම ඊට ප්‍රධාන හේතුවකි. චීන මධ්‍යම රජයේ මෙහෙයවීම යටතේ මෑත වසරවල දී ටිබෙට් ස්වායත්තය අලුතෙන් නැගී එන  කර්මාන්තවල ප්‍රගමනය සහතික කර තිබේ. සංස්කෘතික හා සංචාරක කර්මාන්තවලින් සංයුක්ත පද්ධතියේ සක්‍රියභාවය නැංවීම, උසස් මට්ටමේ ප්‍රතිලාභ සහිත කෘෂිකාර්මික හා තාක්ෂණික උද්‍යාන සහ අධිධාරිතාවෙන් යුතු කාර්මික පදනම් සංවර්ධනය කිරීම ද ඊට ඇතුළත් ය.

2019 වසර අවසන් වන විට,ටිබෙටය අන්ත දිළිඳුකමෙන් මුදාගැනීම චීන ඉතිහාසයට එක් වූ සුවිශේෂ සිදුවීමකි. එසේම, මෙම වසරේ මුල් කාර්තුවේ ටිබෙට්යේ සමස්ත නිෂ්පාදන වටිනාකම යුවාන් බිලියන 118.9 ඉක්මවීය. එය පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂ ව 6.1% කින් වර්ධනය වී, වේගය අතින් සමස්ත රටේ ඉදිරි පෙළට පැමිණීම ද කැපීපෙනෙන කරුණකි. මෙවැනි දත්තවලින් ටිබෙටයේ සංවර්ධන ප්‍රගතීන් සනාථ කෙරේ. එසේම, එම කලාපයට තරුණ ව්‍යාපාරිකයන්ගේ ඉහළ ආකර්ෂණය හිමිවීම කෙරෙහි එය ඍජුව බලපා ඇත.

ටිබෙටයේ නවෝත්පාදන හා ව්‍යාපාරවල නිරත තරුණ පිරිස තවදුරටත් දිරිගැන්වීම සඳහා ප්‍රා‍දේශීය රජය විසින්‘ටිබෙට් ස්වායත්තයේ තරුණ සංවර්ධනය පිළිබඳ මධ්‍යකාලීන සැලැස්ම (2018-2025)’ද නිකුත් කරනු ලැබ තිබේ. මෙය ද එම කලාපයේ ආයෝජන ආකර්ෂණය තීව්‍ර කිරීමට බලපා ඇති පුළුල් වැඩසටහන් මාලාවකි.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම